නොදකින PCR තහවුරු කරන විශේෂඥ වෛද්‍යවරයා
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉහළ තනතුරක් දරන වයිරසවේදී විශේෂඥ වෛද්‍යවරයකු සිය අත්සන කොළඹ පෞද්ගලික රෝහලකට කුලී පදනම මත ලබාදී ඇති බව අනාවරණය වෙයි.
එම පෞද්ගලික රෝහල නිකුත් කර ඇති පීසීආර් පරීක්ෂණ වාර්තාවලට එම වෛද්‍යවරයාගේ අත්සන යෙදීමෙන් මේ බව තහවුරු වෙයි. එම අත්සන් සජීවී අත්සනක් හෝ ඔන්ලයින් ක්‍රමයට යෙදූ අත්සනක් නොවන බවද අනාවරණය වී තිබේ.
පීසීආර් පරීක්ෂණයක නොදකින වාර්තාවකට වෛද්‍යවරයා මෙලෙස අත්සන යෙදීම එකී පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු මතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් කළ විමසීමකදී පැවසුවේ උදෑසන අටට පෙර හා පස්වරු හතරට පසු වෛද්‍යවරුන්ට පෞද්ගලික සත්කාර සේවාවල නිරත විය හැකි බවයි. එහෙත් පෞද්ගලික රෝහලින් නිකුත් කර ඇති වාර්තාවේ එය ලබාදුන් වේලාව ලෙස අටත් – නවයත් අතර වේලාවක් සඳහන්ව ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය පීසීආර් හා රැපිඩ් පරීක්ෂණ පිළිබඳව පෞද්ගලික රසායනාගාරවල අනියම් වෘත්තිකයන් ලෙස ක්‍රියා කරන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකු සමග සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මාධ්‍ය හමුවකදී පසුගියදා චෝදනා කළේය. වෛද්‍යවරුන්ගේ පී.සී.ආර්. මාෆියාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනයක් සිදුකරයි.
උදයජීව ඒකනායක






