සුවවන ඇතැමුන්ට වුන දේ
කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මහතා සඳහන් කරනවා
රෝගය සුව වූ පසුත් ඇතිවන හුස්ම ගැනීමේ, කතාකිරීමේ, ඇවිදීමේ ආදී අපහසුතා සමඟ ඇතිවන බිය මෙම තත්ත්වයට හේතු වන බවයි වෛද්‍යවරයා පවසන්නේ
මේ හේතුවෙන් ඇතැමුන්ට විශාදය වැනි තත්ත්වයන් ද ඇතිවන බව කී වෛද්‍යවරයා එවැනි අයට 1926 අංකය අමතා හෝ රජයේ රෝහල්වල මානසික සෞඛ්‍ය සායනවලින් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බව ද සඳහන් කරනවා
නිවෙස්වල සිටින දරුවන්ට පවා මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ
Published in Health
More from HealthMore posts in Health »