Press "Enter" to skip to content

මාස 11 ක සිඟිත්තිය හඬවා හිනැස්සූ වෛද්‍යවරු (සංවේදී දර්ශන සහිතයි)

කොවිඩි වලට ප්‍රතිකාර ගන්න ගිය බිළින්දියට කන්තලේ රෝහලේදී සිදු වූ දේ (සංවේදී දර්ශන සහිතයි )

කොවිඩ් මාරාය සමග සටන් වැදී ජීවිත බේරාගන්නා සුව විරුවන් කොවිඩ් වෛරසයට ගොදුරු මාස 11ක සිඟිති දැරියකගේ ජීවිතය රැකදී ඇයට රන් කරාබු යුගලක් ද පැළඳු පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාස 11ක් වූ මෙම සිඟිති දැරිය ජීවත්වන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ළමා නිවාසයක ය.

පසුගිය දිනෙක මේ පුංචි සිඟිති දැරියට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය.

අනතුරුව ඇය කන්තලේ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන යාමට ළමා නිවාසයේ බලධාරීන් කටයුතු කර ඇත.

වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මාස 11ක සිඟිති දැරිය කොවිඩ් වෛරසයෙන් බේරා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඇය අද වන විට සුවය ලබා තිබේ.

මාස 11ක් වූ මේ පුංචි සිඟිති දැරියගේ කන පාලුවට ගොස් තිබෙන අයුරු දුටු රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඇයට රන් කරාබු යුගලයක් පැළදවීමට කටයුතු කර තිබේ.

දෙමාපියන්ගේ කිසිදු හව්හරණක් නොමැතිව ළමා නිවාසයක ජීවත් වන මේ පුංචි සිඟිත්තිය හෙට ඇගේ වාසස්ථානය වූ ත්‍රිකුණාමලය ළමා නිවාසය බලා පිටත්ව යාමට නියමිතයි.

වෛද්‍යවරුන් තමන්ගේ අතින්ම මේ පුංචි සිඟිති දියණියට කරාබු යුගලය පළඳවන අයුරු පහතින් බලන්න…..

More from GossipMore posts in Gossip »