මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් මාසයේදී ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
තමන් එය ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පවසන බවද අමාත්‍යවරයා පවසයි.
එය කිසිවෙකු නොසිතන, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
Published in Political
More from PoliticalMore posts in Political »