යොහානි වාර්තා පිට වාර්තා තියයි
සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය නිසා අතිශය ජනප්රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී තිබේ.
මෙරට පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්රාහකයන් පිරිස ලබාගැනීමට ඇය සමත්වී තිබේ.
ඒ අනුව යොහානිගේ YouTube චැනලය Subscribe මිලියන 2.25ක් පසු කර තිබේ.
මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්රාහකයන් ගණන තිබුණේ අපේ අම්මා YouTube චැනලයයි.







