සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දකින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ, ඒ අනුව ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බවය.
සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද (සැප්. 14) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කළාය.
“සති හතරක් ලොක්ඩවුන් එකක් ප්‍රකාශයට පත් කිරීම තුළ අපි දකිනවා රෝගීන්ගේ අඩුවීමක්. ඒ වගේ ම, මරණවල අඩුවීමක්. සමහරු මොන චෝදනා එල්ල කෙරුවත් මේ ලොක්ඩවුන් එක විශාල පිටිවහලක් වුණා.
ලබන සඳුදායින් පස්සේ රට විවෘත කරලා, එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.”
Published in Political
More from PoliticalMore posts in Political »