Press "Enter" to skip to content

නිවුන් දරු ප‍්‍රසූතියෙන් පසු අම්මා කොරෝනාවෙන් මරු තුරුලට

යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප‍්‍රසූත කොට මියගිය මවට කොරෝනා රෝගය වැළ`දී ඇති බවට තහවුරු වීමෙන් පසු ඇයගේ මෘත දේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී 12 දා ආදාහනය කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.

යාපනයේ ඉනුවිල් ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අජන්තාන් ඉනියා නමැති කාන්තාව දරු ප‍්‍රසූතිය ස`දහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ රෝගී ලක්ෂණ වැඩිවීම නිසා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට තිබේ.

එහිදී ඇය නිවුන් දරුවන් ප‍්‍රසූත කිරීමෙන් පසුව ඇයට හුස්ම ගැනීමේ අපහසුවක් නිසා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැළ`දී ඇති බව තහවුරු වූ අතර දින දෙකකට පසුව ඇය මියගොස් තිබේ.

ඇය බිහිකළ දරුවන් දෙදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර බිළිදුන් දෙදෙනාට කොරෝනා රෝගය වැළදී ඇත්දැයි යන්න පිළිබද යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

More from GossipMore posts in Gossip »