Press "Enter" to skip to content

මම අසරණ වුණා – ඉෂිනි වික්‍රමසිංහ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්විය. නඩු භාණ්ඩ වශයෙන් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි අලි ඇතුන් නිදහස් කිරීමට ගත් තීරණයත් සමගින් ඇය මෙම ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව අදාළ අලි ඇතුන් යළිත් එම හිමිකරුවන් වෙත නිදහස් කිරීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කර තිබුණි. නීතිවිරෝධී ලෙස ළඟ තබාගත් බව කියමින් පසුගිය රජය යටතේ මෙම අලි ඇතුන්ගේ හිමිකරුවන්ට නඩු පනවා තිබුණි.

කෙසේ වෙතත සිය ෆේස්බුක් ගිණුම හරහා ඊයේ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පින්නවලින් අලි ඇතුන් රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන්ව ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බවයි.

එක් පුද්ගලයෙකුගේ කැමැත්තට පින්නවල රඳවා සිටි එම අලි ඇතුන් බලහත්කාරයෙන් රැගෙග ගිය බවද ඇය පවසයි.

More from GossipMore posts in Gossip »