සිරකරු ජාතික දිනයදා වෙන්න යන රටම බලාසිටින දේ
සිරකරුවන්ගේ ජාතික දිනය දා සිරදඬුවම් ලබා සිටින, කලාකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි වෙතැයි අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ. එදිනටජනතාවාදී කලාකරුවකු මෙන්ම,ජනහිතකාමී දේශපාලනඥයකුද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි.ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.” යනුවෙන් ඔහු සඳහන් කරයි.







