කොරෝනා ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයින් දරුණු රෝගී තත්ත්වයන්ට වැඩිපුර යොමුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, ඩෙල්ටා ප්‍රභේදයේ යම් යම් වාර්තා තිබුණ ද , මෙය දරුණු රෝගී තත්ත්වයන්ට යොමු නොවන බවය.
නමුත් ඩෙල්ටා වෛරසයේ පැතිරීම ඇල්ෆා වෛරසයේ පැතිරීමට වඩා වේගවත් ය.
කෙසේ නමුත් ඩෙල්ටා වෛරසය ආසාදිතයින්ගෙන්, යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති, එනම් වයස්ගත පුද්ගලයින් හා විවිධ රෝගාබාධ ඇති පුද්ගලයින්ට අසාධ්‍ය තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Published in Health
More from HealthMore posts in Health »