Press "Enter" to skip to content

බිරියගේ සිරුර මෙට්ටය මත:සැමියාගේ සිරුර වහලයේ

හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන රූමත් විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටේ මත තිබියදී ඇගෙ සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදී‍ සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි

මෙලෙස මළ සිරුරු හමුවී ඇත්තේ කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සුසන්ත කන්දගේ (39 ) හා ඔහුගේ බිරිඳ වන පියුමි මධුෂිකා ලියනවඩු (28) යන අඹු සැමියන්ගේය

මියගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් හමු වූ බව පොලිසිය කියයි

ඝාතනයට ලක් වූ බවට සැක කරන රූමත් කාන්තාවගේ මළ සිරුරු නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදීත් සොයා ගැනුනු අතර ඇයගේ හිසට යම් මොට ආයුධයකින් පහර දීමේ සලකුණු දක්නට ලැබුණු බවත් හිසෙන් දැඩි ලෙස රුධිරය වහනය වී ඇතැයි පොලිසිය කියයි

සැමියාගේ සිරුර නිවසේ සාලයේ මුදුන් ලීයේ පටියකින් එල්ලෙමින් තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි

රූමත් කාන්තාවගේ ඝාතනය සැමියා විසින් සිදුකළ බවට බොහෝදුරට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවැසීය

සිය සහෝදරයාගේ සිරුර නිවසේ බාල්කයේ එල්ලී මින් තිබෙන දුටු සහෝදරියක විසින් පොලීසියට කල දැනුම්දීමක් අනුව මළ සිරුරු සොයාගෙන ඇත.

More from GossipMore posts in Gossip »