Press "Enter" to skip to content

“නිරෝධායන ඇඳිරිනීතිය ගැන තීරණය ” සඳුදා සිට රට යලි විවෘත කරනවාද ?

කොවිඩ් අවධානම හේතුවෙන් මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල්කිරීම හෝ දීර්ඝකිරීම සම්බන්ධයෙන් අද (10) තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඒ, සඳහා කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

එහිදි දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කළ පිරිස් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එන්නත්කරණය පිළිබඳව තාක්ෂණික කමිටුවේ අවධානය යොමුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »