Press "Enter" to skip to content

ඩෙල්ටා රට ආක්‍රමණය කරයි

ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති සාම්පල මත පදනම්ව සිදුකරන ලද පර්යේෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

එමෙන්ම ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84%ත් 100%ත් අතර පැවති බව එම පර්යේෂකයින් පවසයි.