Press "Enter" to skip to content

දෛනික ආසාදිතයින් 2,832ක් සමග කොවිඩ් මරණ 131ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 804 දෙනෙකු අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,512ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 409,628ක් විය.

තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (09) දින තහවුරු කර ඇති එම මරණ 131ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 58 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 73 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇත.