Press "Enter" to skip to content

15 හැවිරිදි දරුවාට බරපතළ අතවර කළ 18හැවිරිදි තරුණිය දැලේ

ලාබාල පිරිමි ළමයකු බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තාවේ. 15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම සදහා ගොස් මෙම තරුණියගේ කාමරයේ රාත‍්‍රී ගත කරද්දී මෙසේ අතවරයට ලක් වී ඇති බව ඔහුගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම ළමයා පොළඔවා ඔහු සමග අදාළ තරුණිය ලිංගිකව හැසිරී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පිරිමි ළමයා හා තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමටද නියමිතය.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ
ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. එස්. මදුරංග මහතාගේ මෙහෙයවීමෙන්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ඉෂාරා, උප පොලිස් පරීක්ෂක ශාන්ත කෙඩිතුවක්කු, උප පොලිස් පරීක්ෂක ලලිත්, පොලිස් කොස්තාපල් (40458* දිසානායක, (89454* ලක්මාල්, (4051* ධම්මික යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

More from GossipMore posts in Gossip »