නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ, තවදුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් ඵලක් නොමැති බවය.
“තවදුරටත් මම ඒකේ ඉඳීමේ වැඩක් නැහැ කියල හිතිච්ච හින්දා. ඒක තමයි ප්‍රධානත ම හේතුව.”
මීට දින කිහිපයකට පෙර මෙම කමිටුවේ සාමාජිකත්වයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස්විය.






