Press "Enter" to skip to content

සමාජයේ ආසාදිතයින් ගැන පැහැදිලි තීරණයක් ගන්න බෑ – PHI සංගමය

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

“පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ සහිත වූවන්ගේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඉතාම අවම මට්ටමින් තමයි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ වෙද්දි PCR පරීක්ෂණ අවම වෙන විදිහට තමයි කටයුතු සලසලා කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි සීමා කිරීම් නිසා රෝගීන් වැඩිවීම හෝ අඩුවීම ගැන යම්කිසි අදහසක් ගන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා.”