Press "Enter" to skip to content

අද රැ 8 ට සෑම නිවසකම පහනක් දල්වන්න

කොරෝනා තුරන් වේවායි මිරිසවැටිය චෛත්‍යරාජයාණන් අබියස දී අද සති පිරිත් පිංකමක් ඇරඹේ

කොරෝනා උවදුර තුරන් වේවායි ප‍්‍රාර්ථනා කරමින් මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස දී සති පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. මෙම පිරිත් පිංකම අද (7දා) සිට 13 වන දිනය දක්වා පැවැත්වේ.

හත් වනදා රාත‍්‍රී අටට පිරිත් පිංකම ආරම්භ වන අතර ඒ මොහොතේ දී රටේ සෑම නිවසකම පහනක් දල්වා රටට ජාතියට මෙන්ම ලෝකවාසී සැමට සෙත් ප‍්‍රාර්ථනා කරන ලෙස මහා සංඝරත්නය ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ජෛව බුබුලක් තුළ සෞඛ්‍ය අරක්ෂණ ක‍්‍රමවලට අනුකූලව මෙම පිංකම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණු වැවේ ඥානතිලක නා හිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් මෙම ඉල්ලීම කරති.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

More from GossipMore posts in Gossip »