Press "Enter" to skip to content

සෞඛ්‍යය උපදෙස් මත පාසැල් අරින්න සූදානම්!

සෞඛ්‍ය අංශ වලිිින් අවසර ලැබුණු වහාම දිවයිනේ පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ පාසැල් විවෘත පිරිමි කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පැවසීය.

ඒ අනුව පාසල් විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් මෙම සාකච්ඡාවෙන් පසු අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කරන බවද පැවසූ ලේකම්වරයා කොරෝනා වසංගතයේ පවතිද්දී පසුගිය කාලයේදී පාසල් පවත්වාගෙන ගිය ක්‍රමවේදය මේ දිනවල සමාලෝචනය කරන බවද කීය.

ගුරුවරුන්ගෙන් 88%කට පමණ මේ වන විට කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එහි දෙවැනි මාත්‍රාවන් මේ දිනවල ලබාදෙමින් යන බවත් ඔහු තවදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »