Press "Enter" to skip to content

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වනවිට ඔහු 68 වන වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා ඉන් සුවය ලබා පසුගිය දා තම නිවෙසට ගියේය.

නමුත් නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් මත සුනිල් පෙරේරා මහතා ව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඊයේ (05) වාර්තා විය.

More from GossipMore posts in Gossip »