Press "Enter" to skip to content

කොවිඩ් රෝගියා රෝහලේ උඩු මහලින් බිමට පැන සියදිවි හානිකරගෙන

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.

අද (04) උදෑසන ඔහු එලෙස මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි.

‍ඔහු දැනට දින කිහිපයක සිට එම රෝහල් කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.

More from GossipMore posts in Gossip »