Press "Enter" to skip to content

පහන්තුඩාවේ ෆොටෝ එක ඔබත් ශේයාර් කරාද ? ඔබට නීතියෙන් වෙන්න යන දේ

පහන්තුඩාවේ සිද්ධියට ඇමති මැදිහත් වෙයි

පහන්තුඩාව ඇතිවූ සිද්ධිය සම්බන්ධව සමාජ ජාලා ඔස්සේ සංචරණය වන ඡායාරූපයෙහි අදාළ සිද්ධියට සම්බන්ධ නොවන තරුණ යුවලකගේ ඡායාරූප පළවන බවට වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් වූ සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය හරහා අදාල යුවළ අගතියකට පත්වී ඇත්නම් එසේ පත්කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිසියට උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා

මේ වන විටත් අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »