Press "Enter" to skip to content

14 හැවිරිදි දැරියක් පවුලක්ම එකතු වී දූෂණය කරලා – වයස 15,16 පුත්තු දෙදෙනා සහ 22හැවිරිදි දියණියත් ඒ අතර

බාලවයස්කාර දැරියක දූෂණය කිරීම, බරපතළ අපයෝජන සිදුකිරීම සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හේතුවෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු සොහොයුරියක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හා 16 හැවිරිදි සොයුරන් දෙදෙනෙකු හා 22 හැවිරිදි සොහොයුරියක සහ එම ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි. 14 හැවිරිදි වින්දිත දැරියගේ පියා අතහැර ගොස් ඇති අතර මව සහ ආත්තම්මා සමග නිවසේ පදිංචිව සිට ඇත. එම නිවසේම දැරියගේ මාමාගේ පවුලේ සාමාජිකයන්ද එකට පදිංචිව සිට තිබේ. නිවැසියන් නොමැති අතරේ මාමාගේ

පුතුන් දෙදෙනා දැරිය බියගන්වා අවස්ථා කිහිපයකදී දැරිය දූෂණය කර ඇති අතර ඇය ඒ බව ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියට දැනුම් දී තිබේ. ඇයද ඒ ගැන වැඩි තැකීමක් නොකර සිට නිවැසියන් නොමැති දිනක දැරිය දිය නා නිවසට පැමිණ සිටියදී මොහොතක දැරිය බියගන්වා බරපතළ අපයෝජනයක් කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. එබැවින් දැරිය පේ‍්‍රම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය බව කියන ගමගොඩ ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයාට දැනුම් දීමෙන් පසු ඔහු දැරිය සිය නිවසට රැගෙන ගොස් තිබේ.

එහිදී එම තරුණයාගේ දෙමව්පියන් විසින් දොඩංගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දකුණු කළුතර පොලිසියට අපරාධ විමර්ශන භාරදීමෙන් අනතුරුව අපරාධය හෙළිවූ බව පොලිසිය කියයි. දැරිය නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි කාන්තා හා ළමා කාර්යාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිස්නා ප‍්‍රියන්ති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරේ.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

More from GossipMore posts in Gossip »