Press "Enter" to skip to content

කොවිඩ් එන්නත දෙන බව කියමින් ජනතාවගේ තොරතුරු රැස් කරන මගඩියක්

එන්නත් ලබා දීමට යැයි පවසමින් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ගේ තොරතුරු එකතු කරන මාර්ගගත සබැඳියක් (link) පිළිබඳව දැනගන්නට ලැබුණු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

ප්‍රශ්නාවලියකින් සමන්විත එහි, වසංගත රෝග විද්‍යා අංශය මගින් තොරතුරු එකතු කරන බවට සඳහන් යැයි ඔහු පැවසීය.

අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය එලෙස තොරතුරු එක්රැස් කිරීමක් සිදු නොකරන බවය.

ඒ හේතුවෙන්, එවැනි ප්‍රශ්නාවලිවලට තම තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසත් එවැනි වැරදි තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ටසායට සහ CERT ආයතනයටත් පැමිණිලි කර ඇති බවය.

More from GossipMore posts in Gossip »