දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (03දා) සවස්වරුව වනවිට ප්‍රකාශයට පත්කරන බව ‘මව්බිම’ කළ විමසුමකදී කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.
මීට අදාළ කරුණු කාරණා අධ්‍යයනය කරමින් සිටින බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) රැස් වන කොවිඩ් මර්දන කාර්ය සාධන බළකාය එම කරුණු විශ්ලේෂණය කර ඉන්පසුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ මෙම තීරණයට එළැඹෙන බවද යුද හමුදාපතිවරයා පැවැසීය.
ඉකුත් 18 වැනි දින රාත්‍රි 10.00 සිට බලාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර ඉකුත් 27 වැනි දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වී සැප්තැම්බර් 06 වැනිදා අලුයම 4.00 දක්වා එම ඇඳිරි නීතිය යළි දීර්ඝ කරනු ලැබීය.






