පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට සිදුකර ඇති හානිය බරපතළ බව හිටපු විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊයේ (01) එම ස්ථානය නිරීක්ෂණය කරමින් කියා සිටියේය.
නිවැරදි කිරීම සිදු කිරිමට නොහැකි තරමට හානියක් සිදු කර අවසන්බව ද හිටපු විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
වැවේ අරක්ෂාව ගැන දැඩි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බවත් මෙම තීරණය සඳහා යෝජනාව ගෙනා දේශපාලකයා පිළිබඳ හෙළි කිරීම ද අවශ්‍ය බවද ඔහු කීය.
”වැවට කරන මේ හානිය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම තීරණ ගත්ත මිනිස්සුට ජාතියම එකතු වෙලා සාප කිරීම ඇත්ත වශයෙන්ම පළමුවෙන්ම කරන්න වෙනවා අපි බෞද්ධයෝ වුනත්. හෙට දවසේ වර්ෂාවක් වැස්සොත් එහෙම ඔක්කොම පස් වැවට සෝදගෙන යනවා. ඒ නිසා මේ වාහනයක් නතර කිරීමට පවා පහුගිය කාලේ තහනම් කරලා තිබුනා. මොකද ඒකෙනුත් යම්කිසි තර්ජනයක් වැවට වෙයි කියලා. එහෙම තියෙන බැම්මකට අද කොන්ක්‍රීට් වලවල් හාරලා මේ මං පෙතක් දාන්න සැලසුම් කරනවා. ඉංජිනේරුවා කතා කරපු විදියට මට තේරුනා මැණිකක් තිබිලා වාහනේ පස්සට යයි කියලා රෝදෙ අඩේට තියන ජාතියේ මිනිස්සු”
ඓතිහාසික වටිනාකමක් ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීම තාවකාලිකව නවතා දමා ඇතත් තවමත් බැකෝ යන්ත්‍ර යොදා සිදුකළ හානිය යථා තත්ත්වයට පත්කර නොමැත.
Source srilankamirror.com






