Press "Enter" to skip to content

ඔරුවක ආධාරයෙන් පී.සී.ආර්. කරන්න යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ දිනවල කොවිඞ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අති මහත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. ඇතැම්විට තම ජීවිත අවධානමද නොතකා ඔවුන්ට දුෂ්කර බාධක මැඬගෙන රෝගීන් සොයා යෑමට සිදුවේ. එවැනි දුෂ්කර ගමනක් යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නිලධාරීන්ට යෑමට සිදුවූයේ කිතුල්ගල, පරවලතැන්න ගම්මානයේ පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමටය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා එක්ව සිටි අතර පරවලතැන්න ගම්මානය සඳහා කිතුල්ගල තොටුපළේ සිට කැළණි ගඟ තරණය කිරීමට ඔවුන්ට සිදු වූයේ ඔරුවක ආධාරයෙනි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

More from GossipMore posts in Gossip »