දකුණු අප්‍රිකානු කොරෝනාවෛරස නව ප්‍රභේදය ලංකාවට ඇතුළු වීමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (සැප්තැම්බර් 1) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
නව ප්‍රභේද රටට පැමිණීම කල් ඇතුව දැන ගැනීමේ ක්‍රමවේදයක් නැති බව වෛද්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
“අහඹු ලෙස අපි ලබා ගන්නා සාම්පලයකට මේ ප්‍රභේද අහුවුණොත් පමණයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රභේද ලංකාවට ඇවිල්ලා කියල. ඒක කල් ඇතුව දැනගෙන අපිට නවත්තන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි ලොකේ දියුණු රටවල්වලට පවා මේ ප්‍රභේද ආක්‍රමණයෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
වෛද්‍යවරයා සඳහන් කළේ, සියලු ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතු බවය.
Published in Health