Press "Enter" to skip to content

බෙලිහුල්ඔය එළිමහනේ රතිකෙළියේ යෙදුනු යුවළ සොයයි

වනචර වීඩියෝව සමාජ මාධ්‍යයට දැම්ම කතට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරුවතින් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුවී තිබේ.

මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම තරුණ යුවළ නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කර ඇත්තේ බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසලදී බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.

Pahanthuda Waterfall (Pahanthudawa Waterfall) - Attractions in Sri lanka

මෙම වීඩියෝපට හා නිරුවත් පින්තූර කාන්තාවක සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලයට යොමුකර ඇති බව දිස්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹු – සැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුව ද පළමුවෙන් මෙම දර්ශන ඇතුළත් ප්‍රදේශය, දියඇල්ල හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පහන්තුඩාව දියඇල්ල පිහිටි ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ඩී. වීරසිංහ මහතා දැනුවත් කර ඇති බවත් මුලින්ම මෙම දියඇල්ල කුමක්දැයි සොයාගැනීමට විමර්ශන සිදුකරන බවත් ඔහු පවසා තිබේ.

More from GossipMore posts in Gossip »