Press "Enter" to skip to content

කොවිඩ් මරණ 9,000 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (30) දින තහවුරු කර ඇති එම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 94 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 60ට වැඩි 146ක්, අවුරුදු 30ත් 59ත් අතර 45ක් සහ අවුරුදු 30ට අඩු 3 දෙනෙකු එලෙස මියගිය පිරිස අතර වේ.