Press "Enter" to skip to content

වැඩපෙන්වූ අශේන් දකුණු අප්‍රිකානු තරගවලියෙන් කපා දමලා!

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ 22 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට අශේන් බණ්ඩාර ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ක්‍රිකට් කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

මේ කණ්ඩායම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (සභාපති) රොමේෂ් කළුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්නගෙන් සමන්විත තේරීම් කමිටුව විසින් නම් කර ඇත.

පසුගියදා පල්ලෙකැලේ පැවැති පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකේම තරගයේ වීරය වූ අශේන් මේ සංචිතයට ඇතුළු නොවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත.

එසේම ඔහු තේරීම් සිදු කරන්නට පෙර දිනයේ පැවැති පුහුණු තරගයේදී ද එක් ඉනිමක වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියටද යන්නේ මෙම කණ්ඩායම බැවින් මේවන විට ශ්‍රී ලංකා පිලේ හොඳම පන්දු රකින්නාද වන අශේන් කණ්ඩායමට ඇතුළු නොවුණේ ක්‍රිකට් තේරිම් කමිටුවේ අයකුගේ පුද්ගලික න්‍යායපත්‍රයට අනුව බවට ද මාධ්‍ය වාර්තා පලව තිබේ.

කෙසේවුවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙතෙක් මේ කන්ඩායමට අනුමැතිය ලබාදී නැතැයි ද පැවසේ.