Press "Enter" to skip to content

රටේ තත්ත්වය අවදානම් – වෛද්‍ය සංගමයෙන් හදිසියේම ඉල්ලීමක්

සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ,

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන කරුණු 6ක් යටතේ වසංගත රෝග අංශයෙන් ඉල්ලීමක් කළා. නැවත රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතුයි. සෞඛ්‍ය සේවකයින් 300කට අධික ප්‍රමාණයකට දැනටමත් කොවිඩ් ආසාදනය වෙලා. පිරිසක් මියගිහින් තියෙනවා. රෝහල් කොච්චර තිබුණත් දැන් රෝගීන් බලාගන්න සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතිනවා. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ දරුවන් ද විශාල අවදානමක ඉන්නේ. ඒ නිසා තමයි අපි තුන්වෙනි මාත්‍රාවක් ඉල්ලන්නේ.”

More from GossipMore posts in Gossip »