Press "Enter" to skip to content

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (30) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

මෙතෙක් එන්නත් ලබානොදුන් ග්‍රාම සේවා වසම් වෙත ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර දකුණු පළාතේ පුද්ගලයින් සියයට 30ක් පමණ කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර ඇති  බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳ විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න