Press "Enter" to skip to content

කොවිඩ් මරණ 192ක්

කොවිඩ් මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (28) දින තහවුරු කර ඇත.

ඒ අතර කාන්තාවන් 83දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 109 දෙනෙක් සිටී.

මෙම මරණ 192ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 156 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

More from GossipMore posts in Gossip »