Press "Enter" to skip to content

247 මගින් නොමිලේ කොවිඩ් වෛද්‍ය උපදෙස්

ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන “SLTMOBITEL” ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් කොවිඞ් -19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක‍්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහ ‘Doc Call 247’ නමින් නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වා දී ඇත.

මෙම දුරකථන සේවාව ඔස්සේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හා සම්බන්ධ වී, කොවිඞ් -19 රෝගය සම්බන්ධ වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබාගැනීමට රෝගීන්ට මෙන්ම, ඔවුන් රැුකබලා ගන්නා පුද්ගලයන්ටත් අවස්ථාව සැලසේ. මේ යටතේ මූලික මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට නිවෙසේ සිට නිරෝධායනය වීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතී.

“SLT-MOBITEL” ජංගම දුරකථන සේවාව හෝ වෙනත් ජංගම දුරකථන සේවාවක් ඔස්සේ 247 අංකය ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර SLT-MOBITEL ස්ථාවර දුරකථනවලින් නම් 1247 අංකය ඇමතිය යුතු ය.