Press "Enter" to skip to content

15හැවිරිදි ඔන්ලයින් පෙම්වතියව පැහැරගෙන විත් 18හැවිරිදි පෙම්වතා කළ අපරාධය

15 හැවිරිදි ඔන්ලයින් පෙම්වතියව පැහැරගෙන ඇවිත් 18ක් වයස කොල්ලෙක් කරපු අපරාධය” කොල්ලගේ අම්මත් වැඩේට හවුල් වෙලා

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබමින් සිටින අතරේ හඳුනාගත් 18 හැවිරිදි පෙම්වතා තම මව සමඟ ත්‍රිරෝද රථයකින් 15 හැවිරිදි පෙම්වතියගේ නිවෙසටම පැමිණ ඇය පැහැරගෙන ගොස් ඇති අතර ඊට අදාළව සැකපිට අධිකරණය හමුවට පමුණුවනු ලැබූ එම පෙම්පතා හා ඔහුගේ මව සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික උඩුවෙවිතාන මහතා නියම කළා’

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලෙස නියම වූයේ කළුතර කිතුලාවේ පදිංචිකරුවන් වූ ගුලවිමගේ නිශාන්ත නිරෝශන සහ මුරුගේසු කල්ලි යන දෙදෙනා යි’

බාලවයස්කාර දැරියක් මවුපිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මවටත් එරෙහිව ‍දොඩම්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා’

දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවිය වූ මෙම දැරිය පැහැරගෙන යෑම පිළිබඳව ඇගේ මව කර තිබූ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පෙම්වතා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගෙඩ මහ රෝහලට යොමුකර තිබුණා.

‍දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අප පොලිස් පරීක්ෂක සෝමරත්න මහතා විසින් මෙම සැකකරු හා ඔහුගේ මව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පයාගල ජ් සුජිත් මාරියෝ

More from GossipMore posts in Gossip »