දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
තම බිරිඳ කොවිඩ් රෝගය වැළදුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ‘ලංකාදීප’ යට පවසා තිබේ.
දඹානේ ආදී වාසී ගම්මානය සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙනුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.
එම ප්‍රදේශයේ පුදගලයන් 115 දෙනකු සදහා පෙරේදා (27) දින සිදුකළ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග අසනීප තත්ත්වයේ පසුවන අය රෝහල්ගත කර ඇතැයි ද සදහන් වෙයි.






