Press "Enter" to skip to content

15 හැවිරිදි මිනිබිරීට අරක්කු පොවා අතවර කරලා – ආච්චිගේ 60 හැවිරිදි අනියම් සැමියා අත් අඩංගුවට

මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව ආච්චි අම්මා බාරයේ සිටි අවුරුදු 15 යි මාස 09ක් වයසැති බාල වයස්කාර දැරියට අතවර කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි අනියම් සැමියාව ලබන 02 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්‍ද්‍රරාජා මහතා 25 වැනිදා නියම කළේය

.

වැලිවේරිය රතුපස්වල පදිංචිකරුවෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණි. අච්චාරු වෙළෙඳාමේ නිරතවන ආච්චි නිවසින් බැහැරව සිටින අවස්ථාවේ අරක්කු රැගෙන නිවසට පැමිණ ඇති සැකකරු දැරියට බලෙන් අරක්කු පොවා අතවර සිදුකර ඇති බවත්, ඉකුත් පෙබරවාරි මාසයේ පටන් සැකකරු දැරිය බියගන්වා මෙසේ අතවර සිදුකර ඇති බවට පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි වැලිවේරිය පොලිසියේ උප පො. ප. ජයලත් මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසීය.

වින්දිත දැරිය විවාහ වී සිටින තම සොහොයුරියට සිද්ධිය පැවසීමෙන් පසු සිද්ධිය අනාවරණය වී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

More from GossipMore posts in Gossip »