ඩෙල්ටාවෙන් ලංකාව අවදානමේ
මේ වන විට පැයකට කොවිඩ් මරණ 09ක් පමණ මෙරටින් වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘති ප්‍රභේදය ද කොළඹින් බැහැර සෙසු ප්‍රදේශවලට පැතිරයාමේ අවදානම පවතින බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙන අතර මේ අලුත් රැල්ලට සම්පුර්ණයෙන්ම හේතුකාරක වන ප්‍රභේදය ඩෙල්ටා බව ඇය පවසයි.
“මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹින් තමයි පටන් ගත්තේ. දැන් ඉතාමත් වේගයෙන් අනෙකුත් පළාත්වලටත් පැතිරෙමින් පවතිනවා. මේ අවස්ථාවේ දී කොළඹ ඩෙල්ටා තමයි 100%ක් වගේ තිබෙන්නේ. මේ අලුත් ප්‍රභේදය අනේකුත් පළාත්වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැහැ,” යනුවෙන් ඇය සඳහන් කරයි.
විශේෂයෙන් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නතකරණයට කඩිනමින් යොමුවිම සහ එක් මාත්‍රාවක් ලබාගත් පිරිස් එන්නත්කරණය සම්පූර්ණ කිරිම අනිවාර්යෙන් සිදුකළ යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.






