අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 දක්වා පවත්වාගෙන යා හැකියි
දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයින් කැදවීමේ අවම සේවක සංඛ්‍යාවක් කැදවන ලෙසට ද යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව යුද හමුදාපතිවරයා සදහන් කරයි.






