Press "Enter" to skip to content

”රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු 132කට කොරෝනා”

උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ වෛද්‍යවරුන් ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 132 දෙනකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

අගෝස්තු මස 26 වන දිනය වනවිට කොවිඩ්-19 රෝගය වැළඳීම නිසා මෙම පිරිස රෝහල් ගතව මෙන් ම නිවෙස්වල සිට ප්‍රතිකාර ගනු ලබයි.

ඒ අනුව, විශේෂඥ වෛද්‍යවරු 2 දෙනෙකු, වෛද්‍යවරු 11 දෙනෙකු, හෙද කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු ඇතුළු රෝහලේ විවිධ ක්ෂේත්‍ර 20ක කාර්ය මණ්ඩල සේවක පිරිසක් මෙලෙස කොවිඩ්-19 රෝගයට ගොදුරුවී සිටිති.