ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පෙත්තකින් කොරෝනා සුව වෙන බව සොයා ගනී
සුරතල් සතුන්ගේ පණු අමාරුව සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධයක් කොවිඩ් 19 වැළඳුනු රෝගීන් සඳහා යොදා ගත හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා පවසා තිබේ.
මෙම ඖෂධය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා මෙය මෙය කොවිඩ් ආසාදිතයින් සඳහා භාවිතා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මහාචාර්යවරයා පවසයි.
1975දී පමණ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන මෙම ඖෂධය සතුන්ගේ පණු අමාරුවට අමතරව මිනිසුන්ට වැළඳෙන වෛරස් රෝග සුවපත් කිරීම සඳහා ඇමරිකාව, බංග්ලාදේශය හා අප්‍රිකානු රටවල වසර 10ක පමණ කාලයක් තිස්සේ භාවිතා කරන බව ඔහු පවසයි.
අයිවර්මෙක්ටින්(ivermectin) නම් මෙම බෙහෙත් පෙත්තක මිල රුපියල් සියයක් පමණ වන බවත් කොරෝනා වෛරසය මෙරටට පැමිණීමට පෙර මාසයකට මෙවැනි පෙති 1000ක් පමණ අලෙවි වුවද අද වන විට එම 30000ක් පමණ මාසයකට අලවි වන බව ඔහු පවසයි.
කොවිඩ් රෝගීන් දිනකට මෙම පෙති 3ක් ගැනීමෙන් රෝගය සුවපත් වන බවත් දැඩිසත්කාර ඒකක වලට රෝගීන් ඇතුලත් කිරීමේ ප්‍රවණතාව අඩුවන බවත් ඇමරිකාවේ විශේෂඥයන් විසින් පර්යේෂණ කර සොයා ගෙන ඇති අතර ඇතැම් වෛද්‍යවරුන් විසින් දැනටමත් මෙම ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා සුදුසු බව ලිපි මගින් පෙන්වා දී ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
aruna.lk
Published in Health