Press "Enter" to skip to content

මැති ඇමතිවරුන්ගේ වැටුප තියාගන්න: ලක්ෂ පහේ දීමනා ටික පරිත්‍යාග කරන්න – නව ඉල්ලීමක්

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග නොකරන ලෙස මහින්ද ජයසිංහ මහතා ඉල්ලීමක් කරනවා

ගුරු සටනට නායකත්වය දී සිටින මහින්ද ජයසිංහ මහතා ඒ වෙනුවට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට නව යෝජනාවක් ඉදිරිපත් කරනවා.

පඩිය තියාගන්න

ඒ තමන්ගේ දීමනා ටික කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන ලෙසටයි.

පරිත්‍යාග කිරීමට සුදානම් වන වැටුප රු.60000 – 65000ක් උනාට ලැබෙන දීමනා ප්‍රමාණය ලක්ෂ 4ක් හා 5ක් අතර තිබෙන බවයි ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ දීමනා ටික දෙන්න

ඉන්ධන , කාර්ය මණ්ඩල , සංග්‍රහ , දුරකථන , නිවාස කුලී , පාර්ලිමේන්තු පැමිණීමේ ආදී දීමනා වල එකතුව පරිත්‍යාග කරන ලෙසයි ජයසිංහ මහතා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කලක් ගුරුවරයෙකු වූ රාජ්‍ය අමාත්‍යවරයෙක්ද තමන්ගේ වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බවට කළ ප්‍රකාශය ගැනද විශේෂයෙන් මතක් කරන ජයසිංහ වැටුප වෙනුවට දීමනා ටික පරිත්‍යාග කිරීම වඩාත් සුදුසු ක්‍රියාවලිය බවයි අවධාරණය කරන්නේ.
am.lk

More from GossipMore posts in Gossip »