දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වැනිදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවද ඔහු කියා සිටී.
මෙවර රට වසා දැමීමට සිදුවූයේ පාර්ශව ගණනාවක ඉල්ලීම සලකා බලමින් බවද ඔහු පවසයි.
රට වසා දමා ඉදිරියට යාමට අපහසු බව ලෝකයේ බොහෝ රටවල් අද වන විට ප්‍රකාශ කරමින් ඇති බවත්, රට විවෘත කරගෙන කොරෝනා පාලනය කළ යුතු මට්ටමට ලෝකය පැමිණ ඇති බවත් ඔහු කියා සිටී.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරිම සම්බන්ධයෙන් හෙට (27) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.
හෙට දිනයේ රැස්වන ජනාධිපති කාර්ය සාධක බලකායේදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය කරන බව ද ඔහු කියා සිටියේය.
මූලාශ්‍රය – ලංකා සී නිවුස්
Published in Political