දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ අවසන් තීරණය හෙට (අගෝස්තු 27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ceylontoday.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හොඳින් විශ්ලේෂණය කළ පසු කොවිඩ්-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට දිනයේදී දැනුම් දෙනු ලබනු ඇති බවය.
ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට දිනයේදී රැස්වීමක් පැවැත්වෙන බවය.
ඉකුත් 20 වන දා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 30 වන දා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ.






