ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.
මෙම විකෘතිතා හතර ඩෙල්ටා වයිරසයේ පැතිරීමට බලපාන ආකාරය ගැන සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඇය කීවාය.
මෙම විකෘතිතා සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව පැවසූ මලවිගේ මහත්මිය ඕනෑම වයිරසයක් වේගයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි විකෘතිතා ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් බවද සඳහන් කළාය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයෙන් මෙයට පෙර හඳුනාගෙන තිබුණේ විකෘතිතා තුනකි.
Published in Health
More from HealthMore posts in Health »