දින දහයක කාලයකට රට වසා දැමීමට ගත් තීරණය දේශපාලන ලොක්ඩවුන් එකක් ලෙස නොව විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් සේ ක්‍රියාවට නැංවීමට අදාළ යාන්ත්‍රණය සකස් කළ යුතු බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසයි.
පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ රට වහා ලොක්ඩවුන් කරන ලෙසත්, එම කාලය තුළ වසංගතය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක භාවිතාවක් රට තුළ ස්ථාපිත කරන ලෙසත් සිය වෘත්තීය සමිති නියෝජනය කරමින්, ඉල්ලීම් කළේ දේශපාලන අරමුණකින් නොවන නිසා සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන අයුරින් විද්‍යාත්මක රට වැසීමකට අදාළව හැසිරිය යුතු සහ අනිවාර්යයෙන් ම ස්ථාපිත කළයුතු අවශ්‍යතාවන් 10ක් පිළිබඳව ද අවධානය යොමු කොට එය ක්‍රියාවට නැංවීමට වහා ම පියවර ගත යුතු බව ද හෙතෙම ඉරිදා ‘මව්බිම’ වෙත අදහස් දක්වමින් පැවසීය.
රැපිඩ්, පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර 36ක් මේ වනතුරුත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තබා ඇති පසුබිමක ජනාධිපතිවරයා විසින් ප්‍රතිපාදන වෙන් කොට ටෙන්ඩර් කැඳවූ උපකරණ පවා මිල දී ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා අපොහොසත් වී ඇතැයි ද රවි කුමුදේශ් චෝදනා කරයි. සෞඛ්‍ය සේවාවට වඩාත් ක්‍රියාකාරී නායකත්වයක් ලබා දිය හැකි අයෙකු වෙතොත් මේ වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට වඩාත් පහසු වනු ඇතැයි යන්න යෝජනා කරන ඔහු තවදුරටත් පෙන්වා දෙනුයේ විවිධ පාර්ශ්වවල ඉල්ලීමට රට වසා දැමුවද අවසානයේ රට නැවත විවෘත කරන දිනයේදී කිසිදු වෙනසක් සිදුව නැතැයි චෝදනා කරනු වෙනුවට වයිරසයේ ව්‍යාප්තිය බිඳ හෙළීමට අවශ්‍ය විද්‍යාත්මක වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බවයි.
මේ ලොක්ඩවුන් කිරීම හරහා එළැඹ ඇත්තේ වෛරසයට එරෙහිව ඒකාබද්ධ සටනක් කළ යුතු කාලය නිසා මේ කාලය තුළ පී.සී.ආර් පරීක්ෂණ, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක්වත් සිදු කළ යුතු බව ද රවි කුමුදේශ් පෙන්වා දෙයි. ආසාදිතයන් වෙන් කොට සාමාන්‍ය රෝග ලක්ෂණ සඳහා නිවෙසේ ප්‍රතිකාර සැලසුම් කළ යුතු බවත්, රෝග ලක්ෂණ සහිත අතරමැදි ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා ඇඳන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇඳන් 10,000ක් වෙන්කර තබනවා සේම විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථනය කිරීම සැලසුම් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
එම කාලය තුළ සංචාරකයන් ගෙන්වීම මෙන් ම විදේශවල සිට පැමිණෙන සියලු දෙනා අතරින් ආසාදිත බව හඳුනාගත් අයට ආසාදනය වී ඇති ප්‍රභේද පිළිබද සැලකිලිමත් විය යුතු බවත් රවි කුමුදේශ් පවසයි.
Published in Health