Press "Enter" to skip to content

සෞඛ්‍ය සේවාවට වටිනාවූ තවත් හෙදියක් අහිමි වෙයි

දහසක් රෝගීන් සුවපත් කල ඇය ක්‍රමක්‍රමයෙන් සිහි මුර්ජා වූණා.

හිත්පිත් නැති කොවිඩ් මාරයා මේ වෙද්දි අපේම හිතවතුන් බොහෝ දෙනෙක් උදුරාගෙන ගිහින් අවසන්.

දිවා රෑ නොබලා අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට වෙන ව්‍යෛවරුන් වගේම හෙද හෙදියන්ද මේවෙද්දි කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

ඒ වගේම ජීවිත දාලා ගිය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් ගැනත් දැන් දැන් වාර්තා වෙනවා.

ඒ විදිහට සමුගත් කෙනෙක් ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයාසා සිය මුහුණුපොතේ මේ විදිහේ සංවේදී සටහනක් තබා තිබුණා.

ඇය හෙදියක්…
දරුවන් තිදෙනෙකුගේ මවක්..
මෑතකදී සිට ඇය අධික හිසේ කැක්කුමකින් පෙලුණ බව වාර්ථා වෙනවා.
ඇය රාජකාරි සිදු කරේ කොවිඩ් රෝගීන් සිටින වාට්ටුවකයි.
කොපමණ හිසෙ කැක්කුම තිබුණත් ඇය හෙදියක් ලෙස තම වගකීම පැහැර හැරයෙ නැහැ.
තම රාජකාරිය අකුරටම ඉටු කරලා අවසැන වැඩ ඇරිලා ගෙදර ගිය වෙලේ සිටම ඇය තම දරුවන් සහ පවුල වෙනුවෙන් තවත් රාජකාරියක් ඉටු කරා.එය තමයි හෙදියගේ වගකීම.
එහෙත් දිනපතාම පීඩා විදි එම හිස කැක්කුම හේතුවෙන් ඇය බිම ඇදගෙන වැටුන දින ඇයගේ ජීවිතය කනපිට හැරුණා.
ඇය බිම ඇදගෙන වැටුන විට ඇයගේ හිසට සිදුවූ අනතුරින් හිස අභ්‍යන්තර දරුණු රුධිර ගැලීමක් සිදුවී තිබුණා.
ජීවිතය හරිම පුදුමයි.
දහසක් රෝගීන් සුවපත් කල ඇය ක්‍රමක්‍රමයෙන් සිහි මුර්ජා වූණා.
ඇයව සුවපත් කිරීමට හුස්ම ගන්නා යන්ත්‍රයකට ඇයට සම්බන්ධ කරා.
නමුත් ,කොපමණ ප්‍රතිකාර සත්කාර තිබුණත් ඇය ඒ කිසිවක් නොතකා යන්නම ගිහින්.
හිසට සිදුවූ අනතුරින් පමණක් නොව කොවිඩ් ආසාදිතයෙකුද වී කිිසිවෙකුගේ මුහුණවත් නොදැක….
ඇය තනිවම යන්න ගිහින්.
තවත් දරුවන් තිදෙනෙකුට මවක් අහිමි වූයේ මෙසේය..
සෞඛ්‍ය සේවාවට වටිනාවූ තවත් හෙදියක් අහිමි වූයේ මෙසේය..

More from GossipMore posts in Gossip »