Press "Enter" to skip to content

ඉදිරි සති දෙක ගැන සිදුකළ අනතුරු ඇඟවීම

ඉදිරි සති දෙකක කාලසීමාවේ දී මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඊයේ (20) අලුතින් ආසාදිතයින් 3839 දෙනෙකු සොයා ගැනුණු අතර, පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 195ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළා.

මෙය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙරට දිනක් තුළ වාර්තා කළ වැඩි ම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ද වනවා.

පවතින තත්ත්වය මත ඉදිරියේ දී තවදුරටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.