පසුගිය 13 වන දායින් අවසන් වූ කාල සීමාව වන තෙක් වසංගත රෝග විද්‍යා ඒකකය සිය නිල වෙබ් අඩවියෙහි යාවත්කාලීන කර ඇති කොවිඩ් ආසාදිත මරණ පිළිබඳ විශ්ලේෂණ වාර්තාව අනුව මේ වන විට මෙරට මියගොස් ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5775කි.
අදාළ වාර්තාවට අනුව මේ දක්වා මියගොස් ඇති පුද්ගලයින්ගෙන් 91.7%ක් ම මියගොස් ගොස් ඇත්තේ කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් පිරිස වන අතර එම සංඛ්‍යාව 5295කි.
එන්නත් ලබාගෙන සිටි පුද්ගලයන් 8.3%ක් හෙවත් පුද්ගලයින් 480ක් ද මියගොස් තිබේ.
එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටි 417ක් ද ඒ අතරට අයත් වන අතර එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන සිටි 69 දෙනෙකු ද අයත් වන බව එම දත්ත වාර්තාව තහවුරු කර තිබේ.
මෙම මරණවලින් 80.7%ක් ම සිදුව ඇත්තේ රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවලදී වන අතර රෝහල්වලට ගෙන යන අතරතුරදී ද 6.3%ක් මියගොස් ඇත.
මේ අතර නිවෙස් තුළදී මියගොස් ඇති සංඛ්‍යාව 745ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස එය 12.9%කි.
මෙතෙක් මියගොස් ඇති වැඩි ම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස 51.3%ක් වන අතර සංඛ්‍යාත්මකව 2960කි.
මෙතෙක් මියගොස් ඇති පිරිසෙන් 76.7%ක් ම අවුරුදු 60න් ඉහළ පිරිස වන අතර එම සංඛ්‍යාව 4431කි.
22.2%ක් 30-59ත් අතර කාණ්ඩයේ වන අතර එම සංඛ්‍යාව 1281කි.
මියගොස් ඇති පිරිස අතර අවුරුදු 30ට අඩු 63 දෙනෙකු ද සිටිති.
එම දත්ත වාර්තාවට අනුව වයස අවුරුදු 9ට අඩු දරුවන් 11 දෙනෙකු ද මේ වන විට කොරෝනාවෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව අැත.
මෙතෙක් වාර්තා වන මරණ සංඛ්‍යාවෙන් 58%ක් පිරිමි පුද්ගලයින් වන අතර 42%ක් කාන්තාවන් වන බව ද අදාළ දත්ත වාර්තාවෙන් දක්වා තිබේ.






